Tuesday, February 21, 2012

සමනලයෙක්ගේ මරණය















සමනලයෙක් මැරුණාට
පොළොව හෙල්ලෙන්නෙ නෑ.

මහ එකෙක් නොපාගා
උඩින් යනවා ඇරෙන්න;
පොඩි එකෙක්
කොස් කොලෙන්
ඌව අරගෙන ඇවිත්
මහ පොළොවෙ වළලලා
වල උඩින් වද මලක්
තියා  අඬනවා ඇරෙන්න;
පැපරාසියෙක් විත්
තැළුණු පිහාටු ලංකර
දුක හිතෙන ෆොටෝ එකක්
අරගෙන යනවා ඇරෙන්න;
බිඳුණු සිතැති කවියෙක්
ඌ වෙනුවෙන් කවක්
ලියල දානවා ඇරෙන්න;
වෙන මුකුත් වෙන්නෙ නෑ.

2 comments:

  1. ඇත්ත....වෙන මොකුත් වෙන්නේ නෑ....

    ReplyDelete
  2. අපි මළත් දවස් හතෙන් පස්සෙ ඔච්චර තමා,,

    ReplyDelete

මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.