Saturday, June 2, 2012

තව හඬන්නට මට කඳුළු නෑ...




ඇය - ඔබ දුර නොයන් මට මේ තරම්
          ඔබ ළඟ ඉන්න බැරිවෙන තරම්. 

ඔහු  - මට ළං නොවෙන් ඔබ මේ තරම්
          මට දුර යන්න බැරිවෙන තරම්. 

ඇය - ඔහුගෙන් නොලද සෙනෙහස අරං
         ආ වසන්තය ඇයි පමා වී. 

ඔහු  - මගෙ ඉරි තැළුණු හදවත අරං 
          යමි නවාතැන තව දුර වැඩී. 

ඇය - ඔබෙ උර මඬල මා හිස හොවන් 
          සුව විඳින්නට මට වරම් නෑ. 

ඔහු  - පරසතු මලට මගෙ හිත බැඳන් 
          තව හඬන්නට මට කඳුළු නෑ.

2 comments:

  1. ගැහැණු එක්කෙනා හඹාගෙන එනවා..පිරිමි එක්කෙනා ඇතට ඇතට යනවා..

    ලස්සනයි පද ටික..

    ReplyDelete
    Replies
    1. මම ලියපු වචන ටික අගයකෙරුවාට ස්තූතියි!

      Delete

මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.