Friday, June 15, 2012

මේ බැඳීමට නෑ කිසි නමක්


මට ඔබේ වන්නට බැරි වුනත්
ඔබ මගේ වන්නට බැරි වුනත්
අපි අපේ වන්නට බැරිවුනත් 
මේ බැඳීමත් මහ අරුමයක්.

පොඩි උන් වගේ අපි තරහ වෙන
හසරැලි නඟා යලි යහළු වෙන.
මිතුදමකි මේ මිතුදම නොවන
මිතුදම ද කිසිදා නොහඳුනන.

ලොව නමක් නැති දේවල් නැතත් 
මේ ආදරය බව දැන දැනත් 
අපෙ බැඳීමට දෙමු එක නමක්
මේ බැඳීමට නෑ කිසි නමක්. 

6 comments:

  1. නම් නැති බැදිම් කොයි තරම්ද..

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ බැඳීම් වලට ජීවිතයේ ඉඩක් දෙන්න මිනිස්සු බයයි. මේ පැත්තට ආවාට ස්තූතියි!

      Delete
  2. ලස්සනයි! නමක් නැති බැඳීම් සුන්දරයි

    ReplyDelete
    Replies
    1. ඒත් හරම ‍වේදනාකාරීයි.

      Delete
  3. සහෝදරයා, මේ කැප්චා එක අයින් කරන්න. කමෙන්ට් දාන එක එපාවෙනවා කැප්චා නිසා. ඒ වෙනුවට මොඩරේෂන් දාන්න

    ReplyDelete

මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.