Sunday, August 12, 2012

මගේ කවිය හා ඇගේ කවිය (කවි ලියන සොඳුරු හිත නපුරුයි ද ඔය තරම් )















ඔය ගැඹුරු නෙත් දෙකේ මගෙ රුව ම පෙනෙනකං
ඔබෙ සුසුම් රැල් වැදී මගේ මුව තෙමෙනකං
රත්තරං පපුතුරෙහි මොහොතකට හිස හොවන්
ආදරය විඳින්නට අවසරද මට කියන්

ඔය සුරතෙ එල්ලිලා ළදැරියක් වාගෙ මං 
දුර අහසෙ ඉගිලෙමී කිරිලියක වෙස් අරං 
ඒ හීනෙ මට දෙන්න ලෝබ වෙන්නට තරම් 
කවි ලියන සොඳුරු හිත නපුරුයි ද ඔය තරම්

රටා ඇඳි සුදෝ සුදු හද මළුව හැඩිකරං 
පෙර තැබූ පා කැලලි අමතකව යන තරම් 
පුන් පෝයදා අහසෙ නැඟුණු සඳවත ලෙසින් 
ඔබෙ ලොවට එළිය දෙමි පිලිගන්න මා ඉතින්

2 comments:

  1. ම්ම්ම්ම් හොඳට කියවෙන පැදියක්!

    "කවි ලියන සොඳුරු හිත නපුරුයි ද ඔය තරම්" මේ පදය අපූරුයි

    කවි සිතට ජය!

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තූතියි!

      Delete

මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.