Wednesday, March 13, 2013
මං තාම එතන ම ලු.
ඕලෙවල් යන්තමින් ගොඩදාගත්තු ගමේ කොල්ලො මෝටසයිකලෙන් රස්සාවට යනවා ලු. මං තාම එතන ම ලු. මගේ ඥාති කොල්ලො කෙල්ලො වැඩ කරන්නෙ බැංකුවල ලු; ලෝන් ගන්න ලේසි ඇති ලු. මං තාම එතන ම ලු. එහා ගෙදර කොල්ලා උල් සපත්තු ටයි දාගෙන රස්සාවට යනවා ලු. මං තාම එතන ම ලු. අනිත් උන් වගේ තට්ටු දෙකේ ගෙයක් මං කවදා හදයිදෝ ලු. මං තාම එතන ම ලු. අර වාගේ කාර් එකක් මං කවදා ගනියිදෝ ලු. මං තාම එතන ම ලු. අච්චර මැටිමෝල් යක්කු මටත් වඩා ඉහළ යද්දි මෙච්චර ඉගෙන ගත්තු..... මං තාම එතන ම ලු.
Subscribe to:
Post Comments (Atom)
තෝමස් මෝර් කියලා තියන එක දැක්කම මොකුත් නොකියා යන්න බැරි වුනා
ReplyDeleteමෝර් කිවිවෙ මොනවා හරි කියල යන්න නෙමෙයි මචෝ
ReplyDeleteමාත් තාම එතනමයි.ඒත් මට එක වෙනසයි වෙන්න ඕන ඒක වුන ගමන් මම හැමදේම වෙනස් කරගන්නවා.
ReplyDeleteමං හිතන්නෙ මේ රචනාව ඔබ තේරුම් ගෙන තිබෙන්නෙ වැරදියට. මගේ වටේ ඉන්න මිනිස්සුයි හිතන්නෙ මං තාම එතන ම යි කියලා. ඒත් මගේ ලෝකයේ මං ගව් ගණන් දුර ගිහින් ඉවරයි. මෙහි සඳහන් සියලු අරමුණු මගේ ආකර්ශණයට හේතුවන දේවල් නොවේ. ලිපිය උත්ප්රාසාත්මකයි; එය අනෙක් පාඨකයන්ට අවබෝධ වේ යැයි සිතමි.
Deleteඅපි තවත් කෙනෙක් එක්ක තමන්ව සංසන්දනය කරපු දවසට පරාද වෙන්නේ අපිමයි. ලෝකය කියන දෙය නෙවෙයි වැදගත්, අපි කරන දේ පිලිබඳ අපි ඉන්නේ සතුටින්ද කියන එක. මටත් ඔය චෝදනාව ඇවිත් තියෙනවා. ඒත් ලෝකයාට ලොකු දේවල් මට ලොකු නෑ.
ReplyDelete