Wednesday, May 8, 2013

ආදරය ..........ගමන ම ය.



සැනසුමක් කොයි කොතැන 
නැවතුමක් නැති තැනක 
නැවතුමක් කොයි කොතැන 
ආදරය ගමන ම ය. 

ඔබ තැනක නැවතිලා 
ඔබට යලි එන්න බෑ 
ඔබේ ළඟ නැවතිලා 
මට යලිත් හැරෙනු බෑ. 

ඔබේ නැවතුම ළඟින් ඔබෙ  
ගමන අරඹනු මැනේ 
මගේ නැවතුම ළඟින් මා 
ගමන නිම කරන්නේ. 

සැනසුමක් කොයි කොතැන  
නැවතුමක් නැති තැනක 
නැවතුමක් කොයි කොතැන 
ආදරය .............ගමන ම ය. 

1 comment:

  1. ඔබගේ කවි කිහිපයක් ම කියැවීමි. ඒවා තුල මහත් වූ හැගීමක් කැටි කොට ඇතැයි සිතුනි. කවි නිර්මාණයන් අගය කළ යුතු අතර ම ඔබගේ අදහස් ද අගය කරන්නෙමි. අපගේ අඩවිය තුළ ඔබට ද ඉඩක් වෙන් කිරීමට සිතුවෙමි.

    මම
    තුෂාර විතාරණ
    කුරැටු ගෑ ගී පවුරෙන්

    ReplyDelete

මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.