Saturday, August 31, 2013

නිහඬ සියුමැලි සමනළී


නිහඬ සියුමැලි සමනළී 
නිල් ඇස් දෙකෙන් හරි දොඩමළුයි. 
ඔහේ නැලවෙන විසේකාරී 
මගේ හීනෙ දඟ වැඩ කරයි. 

ඈත ජීවන මංතලේ 
එක දිනක ඔබ හමුවෙමි කියා 
ඔබෙන් දුරකට යන්න යන්න 
ඔබ තව තවත් මට ළං වුනා. 

සීත සඳ පිනි ආදරේ ළඟ 
ගැහැණු සිතකින් උපදිනා 
හිතුමතේ කීවාට නාහන
පිරිමි හිත මගෙ පැරදුනා.

3 comments:

  1. අවුලක් නෑනේ. ලගින් ඉන්නවනෙ නේද හීනෙ හැඩ දමාපු ඇත්ති


    ReplyDelete
  2. ආදරේ පිරිච්ච ගැහැනු හිතක් ගාව පිරිමි හිත පැරදුනාම මොකෝ ඉතිං.. :)

    ReplyDelete
    Replies
    1. මං පැරදුනා කියලා කියන්න බැරිව ලත වෙවී ඉන්නේ

      Delete

මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.