Friday, November 29, 2013

හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා




හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා

අතින් අත පටලා
ඔහේ යන්නට හීන මවනා
සංසාරයෙන් සංසාරයේ
එක්ව ඉන්නට පැතුම් පතනා
හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා

ඇස් කෙවෙනි රතුවන තුරා
මා එන පෙර මග ම බලනා
දහක් නෙත් අතරේ
මගේ නෙතු බැල්ම යදිනා
හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා

ගැහෙන හදවතට කන්දී
ඇහිරෙන්න පපුතුරේ ලංවී
කතා කරන ඇස්වලට කිමිදී
කියවන්න කිසිදා නොලියූ කවී
හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා

3 comments:

  1. ලස්සන කවිය මචෝ.. අදයි මේ පැත්තේ ගොඩවුනේ..

    ReplyDelete
  2. ලස්සන කවි ටිකක්. ඇත්තටම හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා ?(මටත් කිව්වම තව කාට හරි පෙම් කරන ගමන් වගේ)

    ReplyDelete
  3. හරිම ලස්සන කවි පෙළක්...........

    ReplyDelete

මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.