Tuesday, February 21, 2012

සමනලයෙක්ගේ මරණය















සමනලයෙක් මැරුණාට
පොළොව හෙල්ලෙන්නෙ නෑ.

මහ එකෙක් නොපාගා
උඩින් යනවා ඇරෙන්න;
පොඩි එකෙක්
කොස් කොලෙන්
ඌව අරගෙන ඇවිත්
මහ පොළොවෙ වළලලා
වල උඩින් වද මලක්
තියා  අඬනවා ඇරෙන්න;
පැපරාසියෙක් විත්
තැළුණු පිහාටු ලංකර
දුක හිතෙන ෆොටෝ එකක්
අරගෙන යනවා ඇරෙන්න;
බිඳුණු සිතැති කවියෙක්
ඌ වෙනුවෙන් කවක්
ලියල දානවා ඇරෙන්න;
වෙන මුකුත් වෙන්නෙ නෑ.

Thursday, February 16, 2012

වචන


















මේ, වචන පමනකී.
මේ වචන පමණකී මා සන්තකව ඇතේ
යන්න ඹබෙ හද සොරා;
ඹබේ මුදු සොඳුරු බව
තවරන්න සුදු පිටු පුරා;
මගේ හද ආදරය
කියන්න මා හිත පුරා.
මේ වචන පමණකී මා සන්තකව ඇතේ,
මේ වචන පමණකී.
මේ, වචන පමනකී.

Tuesday, February 14, 2012

මිනිසුන්ගෙන් සැදුනු කවිය... 
























වැසි සුළං පහර ලැබ
හිරු රැසින් කර ව ගිය
දළ සැකිලි අතුපතර
කටු කොහොල් දැක දැක ම
මලක මුදු මෙලෙක ගැන
සොහොයුර මා ලියනු කෙලෙස. 

මිරිඟු දිය සිළු ලෙලෙන 
ඉර රවන මද්දහන
මහපොලොව කැකෑරෙන
ගිනියමින් දැවි දැවි ම 
මද නලක සුවය ගැන 
සොහොයුර මා ලියනු කෙලෙස. 

පද වැලක මුල් බිජුව 
බෙලි මසට කාවැදුණු
මූදු වැලි කැටය ලෙස
හද මසට කාවැදී 
ඇනි ඇනී රිදුම් දී
ලේ කඳුළු වැල් බැඳී 
කවි මුතු ව ඉපදුනී. 

ඒ කවියේ පේලි අතර 
සිය ගණන් වචන මැද 
දසදහස් අකුරු ළඟ
මොහොතක් නැවතී බලන්න 
මේ පනගැහෙන අකුරු ය;
හද ගැහෙන මිනිසුන් ය.