අපෙන් ආදරය ඉල්ලුව මිනිස්සුන්ට
අපි නපුරු වෙන්න ඇති
ආදරය ගැන පුංචි ඉඟි
අපිට මග ඇරෙන්න ඇති
විටින් විට කළ බොළඳ වැඩ
අපිට විහිළු වෙන්න ඇති
අපේ ආදරය විදින්නට
මිහිරි හීන මවන්න ඇති
ඒ හීන වලට අපි
වටිනාකමක් දෙන්නැතුව ඇති
අපි වෙනුවෙන් කළ දේවල්
අපි ගණන් ගන්නැතුව ඇති
නැවතුමක් නැති කතා
දවසක නිහඬ වෙන්න ඇති
යළි ප්‍රේම නොකරන්න
හිත හදාගන්න ඇති
අපිට කළ ආදරය
වෛරයක් වෙන්න ඇති
තැලුණු අසරණ හිතින්
අපිට සාප තියන්න ඇති
ඒ කරපු පව් වලට
අපිට පඩිසන් දෙන්න ඇති
අපි පතපු ආදරයට
අපි තරම් නොවෙන්න ඇත






