Friday, October 9, 2015

පොත් මගේ ආදරවන්තිය.



තාමත් ඒ සුවඳ මතකයි
හමුවූ මුල්ම දිනයේ.
ඔබව හිමිකරගන්න
වින්ද දුක් කෙතරම්
පොත්: මගේ ආදරවන්තිය.

ඔබව තේරුම් ගන්නකං
ඉවසුවා ඔබ සෙනෙහෙන්.
මගේ දාඩිය වතුරින්
තෙත් වුනා ඔබෙ මුදුපත්
පොත්: මගේ ආදරවන්තිය.

ඉරි කෑලි තරු ලකුණු
කැත කලාට ඔබෙ පිටු
ඔබේ සීරීමක් දැක්කත්
කලබල වුනා මට මතකයි
පොත්: මගේ ආදරවන්තිය.

සඳ රේණුවක් දිගේ
අකුරින් අකුර අමුණන
මේ සෞම්‍ය රාත්‍රියේ
ඇදගෙන මා සුරතින්
කිනම් මිටියාවතක මා
අතරමං කරාවිද
දන්නේ කවුරුන්ද
පොත්: මගේ ආදරවන්තිය.

3 comments:

  1. අමුතුම අදහසක්........ ලස්සනයි.........

    ReplyDelete
  2. ගල්බෝරේ..................... උඹ ලියන්නැතුව හිටිය කාලේ ලොකුයි..... අායෙම ලියන්න අාවාට සතුටුයි.... මේ අවුරුද්දට ම පෝස්ටු පොඩි ගාණයි.... මාස ගණන් ලියන්නැතුව ඉන්නෙපා... හැකි වෙලාවට ලියහං.... අපි ඉන්නවා කියවන්න

    ReplyDelete

මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.