Monday, June 27, 2016
එපමණයි ඔබහට කීමට ඇත්තේ මාහට...
හිඳී නම් මා නෙතු අවදියෙන්
ඔබ මගේ ඇස්දෙකේ පැටලි පැටලී ඉන්න
හිඳී නම් මා නිදිවැදී
ඔබ මගේ හීනයේ දැවටි දැවටී ඉන්න
එපමණයි ඔබහට
කීමට ඇත්තේ මාහට.
සීත වැහි බිඳු ඇවිත් ඔය කම්මුල් තෙමයි නම්
ඒ බිඳුවල සැඟවී ඉන්නේ මමයි
උණුසුම් හිරු කිරණ විත් ඔබට කරදර කරයි නම්
ඒ කිරණේ සැඟවී ඉන්නේ මමයි
මා කොහේ සිටියත් නැතත්
ඔය හිතේ කොහේ හෝ අඳුුරු මුල්ලක් දෙන්න
එපමණයි ඔබහට
කීමට ඇත්තේ මාහට.
මල් සුවඳ මුසු පවනෙ සැඟවී මා එන්නම්
ඔබේ මුදු සිරුර මා සිපගෙන හමන්නම්
ගලායන කාලය මා නවත්වන්නම්
ඔය සිනාවේ මා නැවතී හිඳින්නම්
මා කිසිවක් කීවත් නැතත්
ඔබ මගේ හදවතට ඇහුම්කන් දී ඉන්න
එපමණයි ඔබහට
කීමට ඇත්තේ මාහට.
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි..
ReplyDeleteඇය ඇවිත් ගොහිනුත්
ReplyDeleteබොහෝ කල් ගිහින්
ඒත් මතක නම් සිතේ
තවම අවධියෙන් අමුවෙන්