Thursday, November 12, 2015
පෙමින් බැඳුනෙමි ජීවිතයට...
මා පයට තණනිල්ල
අඳුරු කුස මා හිසට
සඳ බඳුන හලාලූ
කසුන් සුණු වැස්සකින්
මුළු අහස හැඩිවෙලා;
දවස දිග අයාලේ
ඔහේ ගිය තනිහිතත්
මගේ ලඟ නැවතිලා;
මේ අහසයි
මං විතරයි.
පාළු බිඳුණු නිවහන
පෙනේ ඈත ඉම
කිසිවෙක් නොයන මඟ
කැලෑ වල් වැදී ගිය;
නිහඬබව බිඳින
සිහින් දිය පහරක්
කිසිවක් නොඅසා
මා හා දොඩමළු වන;
කඩා වැටෙන තරුවක්
පෙනේ ක්ෂතිජයේ
එය පරයා නැඟෙන
අලුත් තරු සහසක්.
සඳ කලා බැස ගියද
යලි නැඟෙනු ඇත පුරසඳ
ගෙවී ගිය පසු හේමන්තය
නව දළු සලා නැඟනු ඇත වසන්තය.
තවමත් මා අත
ඇත ජීවිතය ඉතිරිව
හදවත ගැහෙන හඬින්
දනිමි ජීවත් වන බව
ශක්තිමත් පියාපත්
තනිව සරන සියොතුන්ට
කිසි කලෙක නොවුනු ලෙස
පෙමින් බැඳුනෙමි ජීවිතයට.
Subscribe to:
Post Comments (Atom)
උඹ හැබෑ කවියෙක්..... දිගට ම ලියන ඒක ගැන සතුටුයි...... ජයවේවා
ReplyDeleteලස්සනයි......
ReplyDeleteලස්සනයි.........
ReplyDeletehttp://www.amazon.co.uk/Grass-My-Feet-F-Vijayatunga-x/dp/009304920X
ReplyDeleteමා පයට තණනිල්ල