" ඔබට ජීවිතය ලැබෙන්නේ එක් වරක් පමනි; නමුත් ඔබ එය හිතපුරා සතුටින් ගෙවා දැමුවහොත් එක් වරක් හොඳට ම ඇති " - Mae West

Thursday, February 23, 2012

රාත්‍රිය මං උඹට ආදරය කරනවා



















අහස් තරු පොලෝ මත
හිතුමතේ පාවෙනා
නෑ කණාමැදිරියෝ,
පුංචි අත් පොකුරු කර
දුව දුවා අල්ලාපු
පුංචි කණාමැදිරියෝ
නිවි නිවී හිනැහෙනා.

පොලෝ මත ඉහිරිලා
නෙක රටා මව මවා
පුංචි සේපාලිකා
රළු බොරළු මාවතේ
පාවාඩ එලනවා.

සඳවතිය තුරුහිසින්
මිහිරි රස පෙරනවා
මම යන්නෙ කොහෙද ඈ
මා ළඟින් ඉන්නවා.

හීල් සුළඟක් ඇවිත්
මාව කිතිකවනවා
විහිළුවට තුරුමඬුලු
සමඟ පොර බඳිනවා.

නින්ද නැති මැඬියෝ ද
දියකඩේ රැස්කකා
එකිනෙකා පරයාන
තර්කයන් කරනවා
‘මොන තරුව වැඩි රුවැති‘
තම මතය පහදනා.

නුඔ යන්නෙ කොහෙද
මේ රාත්‍රිය නොඅසනා
නුඔ ඉන්නෙ කොහිද නුඹ
කොයි කවුද නොඅසනා
කිසි දෙයක් නොපතා ම
ආදරය පුදදෙනා.

මුළු ලොව ම නිදන රෑ
මං තාම ඇහැරිලා
හෙට යලිත් නැඟිටින්න
නින්ද තව හොයනවා
මගේ සුව නින්ද මේ
රාත්‍රිය අහුරනා
රාත්‍රිය මං උඹට
ආදරය කරනවා.

0 comments:

Post a Comment