සැනසුමක් කොයි කොතැන
නැවතුමක් නැති තැනක
නැවතුමක් කොයි කොතැන
ආදරය ගමන ම ය.
ඔබ තැනක නැවතිලා
ඔබට යලි එන්න බෑ
ඔබේ ළඟ නැවතිලා
මට යලිත් හැරෙනු බෑ.
ඔබේ නැවතුම ළඟින් ඔබෙ
ගමන අරඹනු මැනේ
මගේ නැවතුම ළඟින් මා
ගමන නිම කරන්නේ.
සැනසුමක් කොයි කොතැන
නැවතුමක් නැති තැනක
නැවතුමක් කොයි කොතැන
ආදරය .............ගමන ම ය.
ඔබගේ කවි කිහිපයක් ම කියැවීමි. ඒවා තුල මහත් වූ හැගීමක් කැටි කොට ඇතැයි සිතුනි. කවි නිර්මාණයන් අගය කළ යුතු අතර ම ඔබගේ අදහස් ද අගය කරන්නෙමි. අපගේ අඩවිය තුළ ඔබට ද ඉඩක් වෙන් කිරීමට සිතුවෙමි.
ReplyDeleteමම
තුෂාර විතාරණ
කුරැටු ගෑ ගී පවුරෙන්