ඇය - ඔබ දුර නොයන් මට මේ තරම්
ඔබ ළඟ ඉන්න බැරිවෙන තරම්.
ඔහු - මට ළං නොවෙන් ඔබ මේ තරම්
මට දුර යන්න බැරිවෙන තරම්.
ඇය - ඔහුගෙන් නොලද සෙනෙහස අරං
ආ වසන්තය ඇයි පමා වී.
ඔහු - මගෙ ඉරි තැළුණු හදවත අරං
යමි නවාතැන තව දුර වැඩී.
ඇය - ඔබෙ උර මඬල මා හිස හොවන්
සුව විඳින්නට මට වරම් නෑ.
ඔහු - පරසතු මලට මගෙ හිත බැඳන්
තව හඬන්නට මට කඳුළු නෑ.
ගැහැණු එක්කෙනා හඹාගෙන එනවා..පිරිමි එක්කෙනා ඇතට ඇතට යනවා..
ReplyDeleteලස්සනයි පද ටික..
මම ලියපු වචන ටික අගයකෙරුවාට ස්තූතියි!
Delete