ඔය ගැඹුරු නෙත් දෙකේ මගෙ රුව ම පෙනෙනකං
ඔබෙ සුසුම් රැල් වැදී මගේ මුව තෙමෙනකං
රත්තරං පපුතුරෙහි මොහොතකට හිස හොවන්
ආදරය විඳින්නට අවසරද මට කියන්
ඔය සුරතෙ එල්ලිලා ළදැරියක් වාගෙ මං
දුර අහසෙ ඉගිලෙමී කිරිලියක වෙස් අරං
ඒ හීනෙ මට දෙන්න ලෝබ වෙන්නට තරම්
කවි ලියන සොඳුරු හිත නපුරුයි ද ඔය තරම්
රටා ඇඳි සුදෝ සුදු හද මළුව හැඩිකරං
පෙර තැබූ පා කැලලි අමතකව යන තරම්
පුන් පෝයදා අහසෙ නැඟුණු සඳවත ලෙසින්
ඔබෙ ලොවට එළිය දෙමි පිලිගන්න මා ඉතින්
ම්ම්ම්ම් හොඳට කියවෙන පැදියක්!
ReplyDelete"කවි ලියන සොඳුරු හිත නපුරුයි ද ඔය තරම්" මේ පදය අපූරුයි
කවි සිතට ජය!
අගය කිරීමට ස්තූතියි!
Delete