නිහඬ සියුමැලි සමනළී
නිල් ඇස් දෙකෙන් හරි දොඩමළුයි.
ඔහේ නැලවෙන විසේකාරී
මගේ හීනෙ දඟ වැඩ කරයි.
ඈත ජීවන මංතලේ
එක දිනක ඔබ හමුවෙමි කියා
ඔබෙන් දුරකට යන්න යන්න
ඔබ තව තවත් මට ළං වුනා.
සීත සඳ පිනි ආදරේ ළඟ
ගැහැණු සිතකින් උපදිනා
හිතුමතේ කීවාට නාහන
පිරිමි හිත මගෙ පැරදුනා.
අවුලක් නෑනේ. ලගින් ඉන්නවනෙ නේද හීනෙ හැඩ දමාපු ඇත්ති
ReplyDeleteආදරේ පිරිච්ච ගැහැනු හිතක් ගාව පිරිමි හිත පැරදුනාම මොකෝ ඉතිං.. :)
ReplyDeleteමං පැරදුනා කියලා කියන්න බැරිව ලත වෙවී ඉන්නේ
Delete