ඔබේ රුව වනන්නට
මගේ කවිකම් මදී
ඔබ ගැන ම කවි කුමට
ඔබ ම මා කවිය වී.
නුඹේ රුව සම කරන
සිතුවමක් වනු බැරි ව
සුදු කොලය මත වැතිර
පැන්සලය මගෙ හඬයි.
රළු පරළු මිනිරනින්
ඇන්ද සිතුවම් කුමට
ඔබ මගේ හදවතේ
සිතුවමක් වී නිදයි.
නුඹට ඇති සෙනේහය
පවසන්න ලතවෙමින්
නුඹේ සඳ උවන ලඟ
පිළිරුවක් වී හිඳිම්
වචනයෙන් කිලිටිකර
කුමට මා කියනු එය
ඔබ අතර
මා අතර
ගෙවී යන නිහඬ බව
ඔබ කෙරෙහි විලිලමින්
ගැබ්බර ව ඇති සිතුම්
කාටවත් නෑසෙන්න
ඔබට කොඳුරයි හෙමින්.
මිනිහෙක් ඉබේම කවියෙක් වෙනවා ආලය කරන්න පටන් ගත්තාම.. එතෙක් සිතට ආපු නැති මිහිරි වදන් සිතට ගලාගෙන එනවා ආලය සමඟ...
ReplyDeleteඅමූලික ඇත්ත
Delete