Sunday, June 22, 2014
ඔබ නීල නෙතු ලඟ ....
ඔබ නීල නෙතු ලඟ
අසරණයි මා,
මගේ කවිකම.
උවම් සොයමි ද කොහේ
වචන ද
මගෙන් දුර ඈත විට.
සුමිතුරු මගේ පන්හිඳ
අවනත නෑ මට ම ද
අකුරක් නෑ ලියන්නේ
කුරුටු ගානවා විතරයි.
නිඳිගන්නේ කොහොම,
ඇසිපියා සයනයේ
යුද වැදුනා පමණයි;
සුසුම් ලෑවා විතරයි.
නෑ හිතේ තරහක්
හැංගුනාට සඳ කොමලිය
සුදු වලා සේද‘තර
සොරා යමි මේ අහසින්
මගේ ම විශ්වයට ඈතට
වසන්තයේ එක දවසක
හොවා මා දෝත‘තර
ඔබේ රූ මී අමා
පුරා බොමි මා නෙතු විත.
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි.. අපි කවුරු කවුරුත් ඔය නෙතු ලගදි අසරණයි තමයි..
ReplyDelete