අවසන් දිනයේ අවසන් මොහොතේ ඔබට නොකියා යන්නට ගිය මා නැවත ඔබ ළඟට පිය නැංවූයේ කුමන ඉන්ද්‍රජාලයකින්දැයි මට තවමත් නොතේරේ. දෙනෙතින් සිනා පා ඔබෙන් සමුගැනීමට ගිය මගේ අත අල්ලා සුභ පැතූ ඔය දෑත අල්ලා ගත්තේ නැවත අතහරින්නට නම් නොවේ.
ඔබ හා සිනාසී වචනයක් කතා කරන්නට දුටු සිහින කොතරම්ද; සැබෑ වූ ඒ සිහිනය මැද ඔබගේ ආදරය විඳින්නට මගෙ හිතේ ගැබ්බරව ඇති ආදරය ලෝබකමක් නැතිව ඔය අත්ල මත තබන්නට සිහින දකිමි විරාමයක් නොමැතිව.
දුහුවිල්ලකි බාධක ගල් පරුවත මිහිරි ගීයකි ඇනුම් බැනුම්ද ඔබ රුව හිත ළඟ තනි රකිනා විට. සිනාසෙමි මා තනිව ළදරුවෙකු ලෙස දුක කුමක්දැයි නොහඳුනන.
මා නිල් අහසේ පාවෙන දුහුලු වලාවක් කල, මඳ සුළඟේ නැලවෙන ලපල්ලක් කල මේ ආදරය රැක ගනිමි දිවි තුරාවට රැගෙන යමි සංසාරයෙන් සංසාරයට
හැමදාමත් ආදරෙන්...
හැමදාමත් ආදරෙන්...
No comments:
Post a Comment
මා මෙන් ම සිතන පතන මිනිසුන් පිරිසක් තවමත් හුස්ම ගනිමින් සිටිනවා යන හැඟීම පමණක්, මේ ජීවිතයෙන් හා ලෝකයෙන් පලායෑමේ චේතනාවෙන් මා මුදවාලන එක ම නිදහසට කරුණයි. මා ඔබ මත විශ්වාසය තබමි.